May 04, 2024

ජනපතිගෙන් සජිත්ට ඇමතුමක්! විශේෂ ආරාධනයකුත් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඊයේ(06) දුරකතන ඇමතුමක් ලබා දී ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසුවා.

රජය ආරම්භ කර ඇති කාබනික පොහොර වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡාවකට එන්නැයි ජනාධිපතිවරයා එහිදී විපක්ෂ නායකවරයාට ආරාධනය කර තිබෙනවා.

රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවැති සාකච්ඡාවක් අතරතුර විපක්ෂ නායකවරයාට ජනාධිපතිවරයා මෙම දුරකථන ඇමතුමක් ගෙන ඇතැයි වාර්තා වනවා.

එහිදී කාබනික පොහොර සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට විරුද්ධදැයි විමසා ඇති බව ද වාර්තා වනවා.

ඊට පිළිතුරු දී ඇති විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ එහි නිලධාරීන්ගේ පැත්තෙන් විශාල චෝදනා පත්‍රයක් ඇවිත් තිබෙන බවයි.

අනතුරුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට කතා කර ඇති ජනාධිපතිවරයා කාබනික පොහොර වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වාර්තාවක් ප්‍රසිද්ධ වී ඇද්දැයි විමසා තිබෙනවා.

එවැනි ලියවිල්ලක් නැති බව එම නිලධාරීන් එහිදී ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන්නැයි ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයාට ආරාධනය කර තිබෙනවා.

Rate this item
(3 votes)
Last modified on Friday, 08 October 2021 08:58