May 19, 2024

"පරීක්ෂණ ගැන සෑහීමකට පත්වෙන්නේ නැහැ" - ඇමති මහින්දානන්දගෙන් යළි ප්‍රකාශයක්

2011 ලෝක කුසලාන තරඟාවලියේ දී තරඟ පාවා දීම් සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශයට අනුව පවත්වන ලද පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්නොවන බව එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වූ වත්මන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවා.

අද (05) දින පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ වර්තමානයේ දී දේශීය තරඟවල දී පවා තරඟ පාවාදීමේ සිද්ධීන් වාර්තා වන බවයි.

මෙම තත්ත්වය නැවැත්වීමක් සිදුනොකළහොත් ඉතිහාසයේ කිසිම දිනක ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට හැකියාවක් නොලැබෙන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

ඒ මහතා එහිදී මෙසේ ද අදහස් දක්වා සිටියා.

“ලෝක කුසලානය පිළිබඳ මම ප්‍රකාශයක් කළා. ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වූවා. ඒ පවත්වපු පරීක්ෂණය පිළිබඳ මම සෑහීමකට පත්වෙන්නේ නැහැ. මම එහෙම කියන්නේ වත්මන් ක්‍රීඩා ඇමතිතුමත් ඉන්න හින්දා. ඒ පරීක්ෂණයේ දී එවකට ලෝක කුසලානය පවත්වපු වෙලාවේ හිටපු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ලේකම්ගෙන් කටඋත්තර අරන් නැහැ. ඒ වර්ල්ඩ් කප් එකේ මැනේජර්ගෙන් කටඋත්තර අරන් නැහැ. මම කිව්වා මේකට ක්‍රීඩකයෝ සම්බන්ධ නැහැ කියලා පැහැදිලිවම. පරීක්ෂණය නොමඟ යවන්න ක්‍රීඩකයෝ ගෙනාවා මේකට. මෙතන ප්‍රශ්නේ තිබ්බේ ක්‍රීඩකයොත් එක්ක නෙමෙයි. මම පැහැදිලිව කිව්වා මේකට ක්‍රීඩකයෝ සම්බනධ නැහැ කියලා. ලෝක කුසලානය ක්‍රීඩා කරපු වෙලාවේ එවකට හිටපු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්, වර්ල්ඩ් කප් මැනේජර් සුරාජ් දන්දෙණිය, ලේකම් නිශාන්ත රණතුංග, සභාපති ඩී එස් ද සිල්වා, මේ කට්ටියගෙන් කටඋත්තර ගන්න කියලා සීඅයිඩී මගේ කටඋත්තරේ දී මම කිව්වා. මේ කිසිකෙනෙක්ගෙන් කටඋත්තර ගන්නේ නැතුව, ක්‍රීඩකයින්ගෙන් කටඋත්තර අරගෙන නීතිපතිතුමාට යවලා මේකේ කිසිදෙයක් ගන්න නැහැ කියලා කිව්වා. ඒ නිසා මේ පරීක්ෂණ ගැන මම සෑහීමකට පත්වෙන්නේ නැහැ.“

“මම කිව්වේ හිටපු නිලධාරීන් වැරදි කළ කියන එක නෙමෙයි. තොරතුරු තියෙනවා ඔවුන් ලඟ, ඔවුන්ගෙන් කටඋත්තර ගත්තේ නැහැ. මගේ ප්‍රශ්නය, මම ක්‍රීකයෝ මේකට සම්බන්ධ නැහැයි කියන කොට, ඇයි සංගක්කාර ගෙන්නේ, ඇයි මහේල ගේන්නේ, කවුද ගේන්න කිව්වේ? මගේ පැමිණිල්ලේ මම කියපු ටික විභාග කරන්නේ නැතුව, වෙන පිරිසක් ගෙනල්ලා විභාග කරලා නඩු නැහැ කිව්වා. මේ මැච් ෆික්සින් කියන එක නැතුව නෙමෙයි. දැනටත් ලෝකල් මැච් ෆික්සින් කරලා අහුවෙලා තියෙනවා. ඊයේ පෙරේදා දිගටම අහුවුණා. මේක අලුත් කතාවක නෙමෙයි. මේ ක්‍රීඩාවේ මේක නැවැත්තුවේ නැත්නම් අපිට ඉතිහාසයේ කවදාවත් ලෝක කුසලානයක් දිනන්න බැහැ“

Rate this item
(0 votes)

Related items