May 17, 2024

"ඔබතුමියට හෙණ ගහයි" - මහින්දානන්ද, රෝහිණි පැටලෙයි

"දැන් සිංගප්පුරුවෙන් ආපු නැව අපිට ආරංචි වුනා ආපහු හරවලා යැව්වා කියලා. මොකද එල්.සී ඕපන් කරා සහ මේ සඳහා වාර්තා තහවුරු කරලා අපිට තියෙනකම් ලංකාවට ගැලපෙන දේවල් නැත්තම් ගේන්න බැහැ කියන එක අපි පිළිඅරගෙන තියෙනවා. පරීක්ෂණ වාර්තා ෆේල් වෙච්ච නිසා නැව හරවලා යැව්වා කියලා කියනවා. නමුත් ආයෙත් ආරංචියක් තියෙනවා ඇමතිතුමා දින 10ක් ඇතුලත ඒ සමාගමෙන්ම ඒ පොහොරම නැවත එනවා කියලා. මම ඔබතුමාට කියන්නේ මේ වහින වෙලාවේ බොරු නම් කියන්න එපා හෙණ ගහයි. ඇත්තම කියන්න මේ පොහොර ඒ සමාගමෙන්ම නැවත ගේනවද නැද්ද?" යනුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට පැනයක් යොමු කළා.

එහිදී ඇය සඳහන් කළේ මේ වහින වෙලාවේ බොරු නම් කියන්න එපා හෙණ ගහයි කියාය.

"මම වැස්ස වෙලාවේ කියන්නේ ඔබතුමියටත් හෙණ ගහයි අර වගේ ලියුම් ලියන්න එපා" යනුවෙන් එයට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළා.

එහිදී ඒ මහතා මෙසේ ද සඳහන් කළා,

"මම වැස්ස වෙලාවේ කියන්නේ ඔබතුමියටත් හෙණ ගහයි අර වගේ ලියුම් ලියන්න එපා. අර චීනයෙන් කැලි කසළ ගෙනාවයි කියලා ඔබතුමියගේ අත්සනින් ලියුමක් එවලා තියෙනවා. ඒ වගේ ලියුම් ලියුවොත් ඔබතුමියටත් හෙණ ගහයි එලියට යන්න එපා. හෙණ ගහන දේවල් අපි නෙවෙයි කළේ. ඔයාගේ ආණ්ඩුව කලේ. රසායන පොහොර ගෙනල්ලා වාර්තා වෙනස් කරලා පොහොර බෙදුවේ. හෙණ ගහන්නේ අපිට නෙවෙයි මේ ඉස්සරහ ඉන්න අයට. ඒ නිසා අපි හෙණ ගහන දේවල් කරලා නැහැ. ඒ නිසා ඔබතුමියට කියනවා අපි වගකීමකින් කියන්නේ ඔබතුමියට ආපු ලැබ් රිපෝට් එක මට ඔෆිශියලි දෙන්න පුළුවන් නම් ඒ රිපෝර්ට් එක මටත් දෙන්නේ නැහැ. ඒ රිපෝර්ට් එක ගන්න ක්‍රම තියෙනවා. ඒ නිසා මේක හදලා ඕනේ දෙයක් කරන්න පුළුවන්. මම ඔබතුමියට කියනවා කෘෂිකර්ම ඇමතිවරයා හැටියට ඔබතුමියට රූපවහිනියට, පත්තරවලට රෑට පේන්න කතා කරන්න පුළුවන්. අකුණු ගහන ඕනේ දෙයක් කියන්න පුළුවන්. හැබැයි අපේ රටේ නීතියක් තියෙනවා. ඒ නීතියට අනුව කරන්න ඕනේ පරීක්ෂණ ප්‍රමානයක් තියෙනවා. ඒ පනතේ තියෙන සියලු පරීක්ෂණ අපි කරලා තියෙනවා. මට ලැබ් රිපෝර්ට් එකේ කියනවා බැර ලෝහ නැහැ කියලා. ඒක ඔබතුමියගේ එකේ තියෙනවා නම් ඒක සජබ කාර්යාලයේ හදපු ලැබ් රිපෝර්ට් එකක් වෙන්න ඇති."

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 October 2021 11:37

Related items