May 13, 2024

තෙල් ටැංකි ගැන ගම්මන්පිල කියන්නේ බොරු: රාජ්‍ය ඇමැති ඇත්ත හෙළි කරයි

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් විෂය භාර ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ මෙන්ම මාධ්‍ය හමුවක් තබමින් කළ ප්‍රකාශයකට හිටපු ඛනිජ තෙල් අමාත්‍යවරයෙකු වූ සුසිල් ප්‍රේමජයන්ත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ උදය ගම්මන්පිල අමාත්‍යවරයාගේ නම නොකියා.

විෂය භාර ඇමතිගේ හෙලිදරව්ව

ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 14 ක් නොව තෙල් ටැංකි 100 ම ඉන්දියාව සතු වී ඇති බැවින් යළි ඉන්දියාවට එම තෙල් ටැංකි අමුතුවෙන් දීමට අවශ්‍ය නැති බවයි.

1987 ඉන්දු - ලංකා ගිවිසුමෙන් හා 2002 එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජය ගිවිසුමකින්ම එම තෙල් ටැංකි ඉන්දියාවට සින්නක්කරව දුන් බවත් විෂය භාර ඇමැතිවරයා හෙළිදරව් කලා.

එනිසා දැන් තමන් උත්සාහ කරන්නේ එම තෙල් ටැංකි යළි ලංකාවට ලබා ගැනීමට බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

හිටපු ඇමතිගේ කතාව

එහෙත් මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ පාලන සමයේ ඛනිජ තෙල් අමාත්‍යවරයාව සිටි වත්මන් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඉන්දියාවට තෙල් ටැංකි සින්නක්කර ලබාදී නැති බව ප්‍රකාශ කරනවා.

2002 ත්‍රිකුනාමල තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීමට එවකට සිටි එක්සත් ජාතික පක්ෂ රජය ගත් තීන්දුව ගැන තමා ඇමතිවරයා ලෙස එවකට සිටි නීතිපතිවරයා සමග කතා කර විසඳුමකට එළඹි බවයි ප්‍රේම් ජයන්ත් මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව මෙරට නීතියට අනුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට සින්නක්කර ලබා දීමට බැරි බව එහිදී තහවුරු වූ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඊට හේතුවද පෙන්වමින්.

තෙල් ටැංකි වල අයිතිය හිමිවන්නේ එය ඉදිකර තිබෙන භූමියට බවත් එම භූමිය අයත් වන්නේ ශ්‍රී ලංකා රජයට බවත් ප්‍රේම්ජයන්ත් මහතා අවධාරණය කරනවා.

එ නිසා තමා බලශක්ති අමාත්‍ය ධූරයේ සිටිද්දි ඉන්දියාවට තෙල් ටැංකි විකිණීමක් සිදු නොකළ බවත් ඔහු සඳහන් කරනවා.

වෙන දේ ඇමතිගෙන් අහන්න

දැන් සිදුවෙමින් පවතින දේ පිළිබඳව වත්මන් විෂය භාර අමාත්‍යවරයාගෙන් අසන නිසයි ප්‍රේම්ජයන්ත් මහතා සඳහන් කරන්නේ.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධයෙන් කළ යුතුව තිබෙන්නේ ඒ වැඩි දියුණු කිරීම සඳහා ඊට සුදුසු පාර්ශවයක් සමග හවුල් එකඟතාවයකට පැමිණීම බවයි ඔහුගේ නිර්දේශය වන්නේ.

සුසිල් ප්‍රේම්ජයන්ත් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාධ්‍ය අමතමින්.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳ ප්‍රශ්නය යලි මතු වූයේ මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ඉන්දියාවේ විදේශ කටයුතු ලේකම්වරයා එම තෙල් ටැංකි නිරීක්ෂණයට යාම නිසයි.

ඒ සමගම එහි තිබෙන සියලුම තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීමට කූට ගණුදෙනුවක් සිදු වන බවට මත පළවීමට පටන් ගත්තා.

ඊට ප්‍රතිචාර ලෙසයි වත්මන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ශ්‍රී ලංකාවට අයත් නොවන බව සඳහන් කළේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 October 2021 21:10