May 13, 2024

ඉන්දියාවට අමුතුවෙන් දෙන්න තෙල් ටැංකියක් නැහැ : දැන් තියෙන්නෙත් ඉන්දියාවටම තමයි - ඇමති කළ හෙලිදරව්ව

මේ දිනවල මෙරට සංචාරයක නියැලී සිටින හර්ෂ් වර්දාන් සිංග්ලේ ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ සංචාරයක නිරතවීම පිළිබඳව යම් යම් විරෝධතා එල්ලවෙමින් තිබෙනවා.

ඒ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තවත් තෙල් ටැංකි 85ක් ඉන්දියාවට ලබා දීමේ කූඨ ගනුදෙනුවක් ලෙසයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් හඳුන්වාදී තිබුනේ.

මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නය

මේ වන විට ඉන්දියාව සතුව තිබෙන්නේ තෙල් ටැංකි 14ක් බවයි ප්‍රකාශ වන්නේ.

මේ සම්බන්ධයෙන් අද (4) පාර්ලිමේන්තුවේදී හේශා විතානගේ මන්ත්‍රීවරයා විෂයභාර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් නැඟුවා.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා විශේෂ කරුණක් හෙළිදරව් කළා.

තෙල් ටැංකි සීයම ඉන්දියාවේ

අමාත්‍යවරයා සඳහන් කරන්නේ තෙල් ටැංකි 14ක් නොව එහි තිබෙන තෙල් ටැංකි 99ම ඉන්දියාව සතු බැවිනි අමුතුවෙන් ඉන්දියාවට දෙන්න දෙයක් නැති බවයි.

ඒ 1987 ජේ.ආර්.ජයවර්ධන ජනපතිවරයා හා ඉන්දීය අගමැති රජයේ වූ ගාන්ධි මහතා අතර අත්සන් කළ සාම ගිවිසුමෙන් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයම ඉන්දියාවට ලබා දී ඇති බවයි.

ඉන් පසුව 2001 පත්වූ එක්සත් ජාතික පක්ෂ රජය 2003 දී ගිවිසුමකින්ම ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරා දුන් බවත් අමාත්‍යවරයා හෙළිදරව් කරනවා.

යළි ලබා ගැනීම

2022 ඉන්දියාව සමග ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් තිබෙන ගිවිසුම අහෝසිවනවා යැයි කීම බොරුවක් බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

එ නිසා තමා දැන් උත්සාහ කරන්නේ එම තෙල් ටැංකි ඉන්දියාවෙන් යළි ලබා ගැනීමට බව අමාත්‍යවරයා හෙළිදරව් කළා.

Rate this item
(2 votes)
Last modified on Monday, 04 October 2021 13:08