May 18, 2024

අය වැය රහස් : බැසිල්ගෙන් ලොකුම තැනට ලොකුම කැපිල්ලක්

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල අවධානය යොමු කර තිබෙන්නේ 2022 අය - වැය පිළිබඳව.

එය එළඹෙන නොවැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

රජයේ වියදම් අඩු කිරිම

දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව එළඹෙන අය - වැය යෝජනා අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිව තිබෙන්නේ රජයේ වියදම් අඩු කිරීම පිළිබඳවයි.

එහි බලපෑම ජනපතිවරයා දක්වා ද විහිදී ගොස් ඇති බවයි ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ.

මේ වසරේදී ජනපතිවරයාගේ වියදම් ලෙස රු. බිලියන 9.38 ක් (රු. මිලියන 9000 කට අධික මුදලක්) වෙන් කර තිබුණා.

එසේ වෙන් කර තිබුණේ හිටපු මුදල් ඇමති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්.

ජනපති වැය ශීර්ෂය

එහෙත් මෙවර එම මුදල රුපියල් බිලියන 6.6 කින් කපා හැරීමට නව මුදල් අමාත්‍යවරයා කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙවර ජනපති වැය ශීර්ෂය වෙනුවෙන් වෙන්කර තිබෙන්නේ රු. බිලියන 2.78 ක් (රු. මිලියන 3000 කට ආසන්න මුදලක්) පමණයි.

ජනපති වැය ශීර්ෂයේ මෙසේ කප්පාදුවකට ලක් වුවද ජනපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශයේ ශීර්ෂ රු. බිලියන 18 කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව රු. බිලියන 355ක් වුන මේ වර්ෂයේ ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය ලබන වර්ෂයේ රු. බිලියන 373 දක්වා වැඩිකර තිබෙනවා.

2022 අයවැය විසර්ජන පනත් කෙටුම්පත එළැඹෙන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 October 2021 09:51