May 03, 2024

රනිල් තවමත් ඉන්නේ අර මැන්ටලයේ - වඩිවෙල් සුරේෂ් කියයි

රනිල් වික්‍රමසිංහ මහතා තමා සාගල රත්නායක මහතාගේ නම කිව්ව හැටියේ පරල වූ බව වඩිවේල් සුරේස් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

මන්ත්‍රීවරයා මේ බැව් සඳහන් කළේ ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රශ්නය මුල් කොටගෙන ඔහු හා රනිල් වික්‍රමසිංහ මහතා අතර පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම ගැන කරුණු ඉදිරිපත් කරමින්.

අධිරාජ්‍යවාදී මානසිකත්වය

රනිල් වික්‍රමසිංහ මහතා තවමත් සිටින්නේ අධිරාජ්‍යවාදී මානසිකත්වයක බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

"යු සිට් ඩවුන් මෑන් , යු සට්ප් මෙන් , පිස්සා" කියමින් ටයි කෝට් සංස්කෘතිය නිසා උසස් අධ්‍යාපනයක් ලැබූ බවට රනිල් වික්‍රමසිංහ මහතාට මැන්ටල් තිබෙන්නට පුළුවන් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒවා දැන් හරි යන්නේ නැති බව සඳහන් කරන මන්ත්‍රීවරයා අවශ්‍ය නම් තමාගේ අධ්‍යාපනයත් කීමට පුළුවන් බව අවධාරණය කරන්නේ වික්‍රමසිංහ මහතාට භාෂා තුනක් පුලුවන් නම් තමාට භාෂා හයක් කතා කරන්නට පුළුවන් බව මතක් කර දෙමින්.

සිරිකොතේ ලියාපදිංචියක් නැහැ

ලංකා ඡාතික වතු කම්කරු සංගමය සිරිකොතේ ලියාපදිංචි වුන දේශපාලන පක්ෂයක් නොව කම්කරු අමාත්‍යාංශයේ ලියාපදිංචි වුන වෘත්තීය සමිතියක් බව මන්ත්‍රීවරයා අනාවරණය කරනවා.

කොළඹ රස්තියාදුකාරයෝ 50ක් 100ක් විතර එකතු කරගෙන කොවිඩ් වසංගතය අස්සේ සාගල රත්නායක , රුවන් විජේවර්ධන , නවීන් දිසානායක යන හිටපු මන්ත්‍රීවරුන් රාජගිරියේ පිහිටි සිය සංගමයේ මූලස්ථානයට කඩා පැන්න බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ඒ සම්බන්ධයෙන් වූ සී.සී.ටී.වී දර්ශන පෙළක්ද ඉදිරිපත් කරමින්.

මේ මූලස්ථානය හදන්න රුවන් විජේවර්ධන මහතා ඇතුළු එම පිරිස සතයක්වත් දුන්නැති බව සදහන් කරන සුරේෂ් මහතා හිටපු මන්ත්‍රීවරුන් එතැනට පැමිණියේ ඇමැති ආරක්ෂාව සමග බවත් පෙන්වා දෙනවා.

දැන් ඇමතිකම් තබති ආරක්ෂාව කම්වත් නැති ඔවුන්ට ඇමතියා ආරක්ෂාවක් ලැබුණේ කෙසේදැයි යන්නත් මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනවා.

වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා ලංකා ජාතික වතු කම්කරු සංගමය මුල් කොටගත් මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු හා සී.සී.ටී.වී දර්ශන පෙළ ඉදිරිපත් කළේ හිරු රූපවාහිනී සේවයේ වැඩසටහනකට එක්වෙමින්.

Rate this item
(2 votes)
Last modified on Saturday, 02 October 2021 01:10