May 13, 2024

ගම්මන්පිලගේ බලු කතාව: අපි කරන්නෙත් බල්ලා කරන වැඩේ තමයි

September 30, 2021

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දින කිහිපයක් නිහඬවයි සිටියේ.

ඒ නිල සංචාරයක් සදහා විදෙස්ගත වීම නිසා.

අමුතුම කතාව

මේ වන විට යළි මෙරටට පැමිණ ඇති අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් තබමින් ඇමරිකාවෙි නිච් ෆොට්‍රස් බලශක්ති සමාගම සමඟ අත්සන් කළ ගිවිසුම ගැන මෙන්ම ඉදිරියේදී තෙල් හිඟයක් ඇති වේ යැයි යන රාවයටද පිළිතුරු දුන්නා.

ඒ අතරතුර ගෙදර ආරක්ෂාවට සිටින බල්ලා ගෙදරින් පැන්නූ විට සිදුවෙන දේ පිළිබඳවද කතාවක් කිව්වා.

"ගෙදර ආරක්ෂාවට ඉන්න බල්ලා රෑට රෑට බිරීම කරදරයක් යැයි සිතූ ගෙහිමියා එම කරදරයෙන් මිදීමට බල්ලාව ගෙදරින් පන්නනවා."

"බල්ලා රෑට රෑට බුරන්නෙ සොර සතුරන් පිළිබඳ අනතුරු අඟවන්න.එහෙම බල්ලා ගෙදරින් පැන්නූ විට සොර සතුරන් පිළිබඳ අනතුරු අඟවන්න කිසි කෙනෙක් නැති වෙනවා.එතකොට සොර සතුරන් ගෙදරට පැන ගෙදරත් විනාශ කරනවා."

බල්ලාට වෙච්ච දේ

බල්ලගේ කතාව එහෙම කියන අමාත්‍යවරයා ඒ කතාව ආණ්ඩුවේ පැවැත්මටත් ආදේශ කරමින් මෙන්න මෙහෙමත් කියනවා.

"අපි කරන්නෙත් අන්න ඒ බල්ලා කලා වගේ කටයුත්තක්.අපි ආණ්ඩුවට සිදුවිය හැකි හානි පිළිබඳ පෙන්වා දෙනවා.ඒවා පිළිගන්නේ නැතිව, ඒවාට ඇහුම්කන් දෙන්නෙ නැතුව ඒවා පෙන්නා දෙන අයට පහර දෙනවා නම් ආණ්ඩුවට වෙන්නෙත් අර ගෙදර බල්ලා පන්නපු ගෙහිමියාට වෙච්ච දේමයි."

ගම්මන්පිල අමාත්‍යවරයා බල්ලගේ කතාව කිව්වේ ඔහු ඇතුළු පොදු ජන පෙරමුණේ සන්ධානගත පක්ෂ 10 කණ්ඩායම ගැන බලු කතාවක් කියපු අයට පිළිතුරු ලෙස වන්න පුළුවන්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 September 2021 12:13