May 02, 2024

රට වහන් ඉන්නේ කොවිඩ් නිසා නෙවෙයි: රනිල්ගෙන් විශේෂ හෙළිදරව්වක්

September 28, 2021

එක දිගට රට දින 41 ක් වසා දැම්මේ කොවිඩ් වසංගත හේතුව නිසාම නොවන බවයි එක්සත් ජාතික පක්ෂ නායකයා අනාවරණය කරන්නේ.

ඊට හේතුව ලෙස එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ ඛනිජ තෙල් ගෙන ඒමට මහ භාණ්ඩාගාරයේ ඩොලර් සංචිත නැති කමයි.

තෙල් අර්බූදය

වසා තිබූ රට පසුගිය කාලයේ විවෘත කළේ නම් විශේෂයෙන්ම ලංගම හා පුද්ගලික බස් රථ ධාවනය ආරම්භ වන බවත් ඒ සඳහා අවශ්‍ය ඩීසල් සැපයීමට ආණ්ඩුවට නොහැකිව තිබූ බවයි එ.ජා.ප නායකයා පෙන්වා දෙන්නේ.

එම ඩීසල් අර්බුදය රට වසා දමා තබා ගැනීමට හේතු වූ ප්‍රධාන කරුණ ලෙස පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා එළැඹෙන 1 දින රට විවෘත කිරීමද අවිනිශ්චිත බව සඳහන් කරනවා.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ දෙරණ රූපවාහිනී සේවයේ වැඩසටහනකට එක්වෙමින්.

ණයට තෙල් ලබා ගැනීම

තෙල් මිලට ගැනීම සඳහා ඩොලර් හිඟකම මත මේ වන විට විෂය භාර අමාත්‍යවරයා වන උදය ගම්මන්පිල මහතා දිගුකාලීන ණය මත තෙල් ලබා ගැනීම සඳහා රටවල් දෙකක් සමග එම රටවලට ගොස් සාකච්ඡා පවත්වනවා.

ඒ එක්සත් අරාබි එමිර් රාජ්‍යය හා ඉරානය සමඟයි.

මේ අතර ඉදිරි මාස 3 සඳහා තෙල් ගෙන්වීමට අවශ්‍ය කරන ඇමරිකානු ඩොලර්  ප්‍රමාණය මුදා හරින බව නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කර තිබෙනවා.

Rate this item
(5 votes)
Last modified on Tuesday, 28 September 2021 19:21

Related items