May 02, 2024

බණ්ඩාරනායක ගුණ සමරුව පිටුපස සැඟවුණු රහස

September 28, 2021

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 62වැනි ගුණ සමරුව ඉකුත් 26 පැවැත්වුණා.

ඒ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසල.

පෞද්ගලික භූමිය

එම සමාධිය පිහිටි භූමිය බණ්ඩාරනායක පවුල සතු පෞද්ගලික ස්ථානයක්.

එනිසා එතනට පැමිණ පූජෝපහාර දැක්වීමට බණ්ඩාරනායක පවුලේ අවසරය අවශ්‍යයයි.

සුපුරුදු පරිදි 26 දින චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිවරය උදේම බණ්ඩාරනායක පිළිරුවට ගෞරව දැක්වූවා.

හිටපු ජනපතිවරියගේ අවසරය

ඉන් පසුව බණ්ඩාරනායක සමාධියට ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු අන් අය පැමිණියේ හිටපු ජනපතිවරියගේ අවසරය මත බවයි වාර්තා වන්නේ.

ශ්‍රී.ල.නි.පය වෙනුවෙන් ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා කුමාරතුංග මහත්මියගෙන් අවසර ඉල්ලා ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

කෙසේ වෙතත් හිටපු ජනපතිනිය උදෑසන 10න් පසු ඕනෑම අයෙකුට බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝහාර දැක්වීමට අවස්ථාව ලබා දී තිබූ බවයි වාර්තා වන්නේ.

මුලින් ගත් තීරණය

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙවර බණ්ඩාරනායක ගුණ සමරුව ඉතා චාම්ව පිටස්තර අයගේ සහභාගිත්වය නැතිව පවත්වන්නයි හිටපු ජනපතිනිය මුලින් තීරණය කර තිබුණේ.

එහෙත් පසුව ඇය එම තීරණය වෙනස් කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Monday, 27 September 2021 23:47