May 04, 2024

සරත් - ජගත් ගැන මහින්ද සහ බැසිල් තීන්දුවක් ගනී

September 25, 2021

දේශපාලන පොර පිටියේ මහත් ආන්දෝලනයක් ඇතිකළ, අමාත්‍ය සරත් වීරසේකර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අතර ගැටුම මේ වන විට සමථයකට පත් වී තිබෙන බව වාර්තා වනවා.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඔවුන් දෙදෙනා සමග සාකච්ඡා කිරීමත්, ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරුන් ඊට මැදිහත්වීමත් මත ඔවුන් දෙදෙනා සමථයකට පත් වී ඇතැයි දැනගන්නට තිබෙනවා.

එ අනුව ඔවුන් දෙදෙනා මින් ඉදිරියට මාධ්‍ය හමු පවත්වා, එකිනෙකා විවේචනය කර නොගැනීමට ද එකගතාවකට පැමිණ ඇතැයි වාර්තා වනවා.

පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයා මාරු කිරීම මුල් කරගනිමින් සරත් වීරසේකර, ගාමිණි ලොකුගේ සහ ජගත් කුමාර යන තිදෙනා අතර මෙම ගැටුම ආරම්භ වී තිබුණා.

Rate this item
(2 votes)
Last modified on Sunday, 26 September 2021 08:20