May 04, 2024

අගමැති සමග සාකච්ඡාවට මන්ත්‍රී හිමි නම නැහැ

September 24, 2021

අගමැති හා ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ අතර පැවති සාකච්ඡාවට තමන් වහන්සේ සහභාගී නොවූ බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඒෂියන් මිරර් වෙත සඳහන් කළා.

එම සාකච්ඡාව ඵල දායි සාකච්ඡාවක් නොවන බව තමන් වහන්සේට වැටහී ගිය බවයි උන්වහන්සේ අවධාරණය කරන්නේ.

බලාගාර ප්‍රශ්නය

උන් වහන්සේද නියෝජනය කරන ආන්ඩුවේ සන්ධාන ගත පක්ෂ 10 කින් යුත් කණ්ඩායම ඊයේ (23) අග්‍රාමාත්‍යවරයා හා මුදල් අමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායමක් මුණ ගැසුණේ කෙරවලපිටියේ පිහිටි යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට.

යුගදනවි බලාගාරයේ එසේ ලබාදුන් කොටස් ප්‍රමාණය 40%ක්.

එහෙත් එම සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බවයි වාර්තා වන්නේ.

සන්ධානගත පක්ෂවල තීරණය

එහි ප්‍රතිඵලයක් ලෙස රතන හිමියන්ද නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ සංවිධානගත කණ්ඩායම ජනපතිවරයා මෙරටට පැමිණි පසු ඒ ගැන සාකච්ඡා කිරීමට තීරණය කර තිබෙනවා.

පූජ්‍ය රතන හිමියන් හදිසි නීති රෙගුලාසි හා මුදල් පනත් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද දෙකටද සහභාගි වුයේ නැහැ.

උන් වහන්සේ ආණ්ඩුවට සහාය දීමට තීරණය කළද මේ වන විට ආණ්ඩුවේ කටයුතු වලින් ඉවත්ව සිටින බවයි පෙනෙන්නට තිබෙන්නේ.

ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 10 ක කණ්ඩායම රට වසන ලෙස ජනපතිවරයාට යොමු කළ මතභේදාත්මක ලිපියට ප්‍රථමයෙන්ම අත්සන් කර තිබුණේ අතුරලියේ රතන හිමියන්.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 September 2021 20:10