May 03, 2024

අගමැතිවරයාගේ ලොක්කන් කිහිප දෙනෙකුට හදිසි නියෝගයක්!

September 24, 2021

අද (24) දිනයේ මාර්ගගත ක්‍රමයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජීවන විදයම් පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව රැස්වුණා.

එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් ආනයන අපනයන පාලක ජෙනරාල්වරයාට සහ රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට නියෝග කර සිටියේ මේ වන විට වරාය තුළ සිරවී ඇති සියලුම ආහාර තොග වහාම නිදහස් කරන ලෙසයි.

මෙලෙස නිදහස් කරන සියලු ආහාර තොග වහාම සතොස සහ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් හරහා ජනතාව වෙත ලැබීමට සලස්වන ලෙසද අග්‍රාමාත්‍යවරයා විසින් නියෝග කර තිබුණා.

ඊයේ (23) දිනයේ දී ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය විසින්ද අනාවරණය කර තිබුණේ මෙරටට ආනයනය කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් 800ක් පමණ වරාය තුල රඳවා තබාගෙන ඇති බවයි.

මේ සම්බන්ධව වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඔවුන් විසින් මහ බැංකු අධිපතිවරයාටද දැනුම් දී තිබුණා.

ඔවුන් පෙන්වා දී තිබුණේ එම ආහාර තොග නිදහස් නොකළහොත් ඉදිරියේ දී රටේ ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ තිබෙන බවයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 September 2021 15:52