May 03, 2024

අග්‍රාමාත්‍යවරයා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙයි

September 20, 2021
ඉතාලියේ පැවති ජී.- 20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීම සදහා ගොස් සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිසෙන්, ඉතිරි පිරිස අද (20) අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පවසා සිටියා.
මීට දින කීපයකට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ ඇතුළු පිරිසක් මෙම ඉතාලි සංචාරය නිමා කර යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඉතිරි දූත පිරිස අද (20) අලුයම 12.01 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පසුගිය 10 වැනිදා ඉතාලියේ පැවැති ජී20 සමුළුවක් සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා.
(ටී.කේ.ජී.කපිල - කටුනායක)
Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 September 2021 11:28