May 02, 2024

ජනපතිත් නැහැ: අගමැතිත් නැහැ - දැන් රාජ්‍ය නායකයා කවුද

September 18, 2021

මේ මොහොතේ ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් රටේ නැහැ.

ජනපතිවරයා ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබෙන අතර අග්‍රාමාත්‍යවරයා ඉතාලියේ නිල සංචාරයක යෙදී සිටින්නේ.

අගමැති යළි පැමිණීම

අගමැතිවරයා හෙට (19) හෝ අනිද්දා (20) යළි දිවයිනට පැමිණීමට නියමිතයි.

ඒ අනුව මේ වන විට රටේ රාජ්‍ය නායකයෙකු නොමැතිවයි තිබෙන්නේ.

ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනපතිට හා අගමැතිට පසුව සිටින්නේ කතානායකවරයායි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවැනි අවස්ථාවක තාවකාලික රාජ්‍ය නායකත්වය හිමිවන්නේ කතානායකවරයාට.

ඒ අනුව මේ වන විට රටේ වැඩ බලන රාජ්‍ය නායකයා මහින්ද යාපා අබේවර්ධන මහතායි.

වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ ඔහු හා අගමැති රටේ නොසිටි පළමු අවස්ථාව මෙය වේ.

Rate this item
(2 votes)
Last modified on Sunday, 19 September 2021 15:03