May 02, 2024

රනිල් ජේ.ආර්. මාමාගේ තියරියට බහී

September 18, 2021

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන උපක්‍රම වලට නම් දැරුවෙක්.

මේ වන විට එක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට පමණක් සීමාව සිටින එක්සත් ජාතික පක්ෂය යළිත් බලය අල්ලන ක්‍රමය ගැන වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් දැනුවත් කර තිබෙනවා.

ජේ ආර් ගේ උපක්‍රමය

ඒ ජේ.ආර්.ජයවර්ධන මහතා හඳුන්වා දුන් පාර්ලිමේන්තුවෙන් පිටත සිට බලය ඇල්ලීමේ වැඩ පිළිවෙළ යුගයට ගැළපෙන අයුරින් යළිත් ක්‍රියාත්මක කිරීම තුළින්.

එම වැඩපිළිවෙළ දියත් කිරීමට සුදුසු දිනයක්ද පක්ෂ නායකයා යෝජනා කර තිබෙනවා.

ඒ ජේ.ආර්.ජයවර්ධන මහතාගේ ජන්ම දින දවසයි.

එම දිනය යෙදී තිබුණේ ඊයේ (17) ට.

ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 115 වැනි ජන්ම දිනය ඊයේට (17) යෙදී තිබුණා.

ජනතාවට විකල්පයක්

වික්‍රමසිංහ මහතා මෙම ජේ.ආර්. ක්‍රමවේදය ගැන තොරතුරු ඉදිරිපත් කර තිබෙන්නේ එ.ජා.පයේ 75 වැනි සංවත්සරයෙන් පසු පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ක්‍රියාකාරීන් සමග කරනු ලබන සූම් සාකච්ඡා සම්මන්ත්‍රණ මාලාවේදී.

එ.ජා.ප නායකයාගේ සහභාගිත්වයෙන් මෙවැනි සම්මන්ත්‍රණ 75ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 225 ජනතාවට එපා වෙලා තිබෙන මේ අවස්ථාවේ ජනතාවට විකල්පයක් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයෙන් වැඩ කළහොත් ආණ්ඩු බලය යළි ගත හැකි බවයි එ.ජා.ප නායකයා එහිදී සඳහන් කර තිබෙන්නේ.

ජේ.ආර්.ජයවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ කිට්ටු ඥාතියෙක්.

එම ඥාතිත්වයට අනුව ජයවර්ධන මහතා වික්‍රමසිංහ මහතාගේ මාමා කෙනෙකු වනවා.

Rate this item
(7 votes)
Last modified on Saturday, 18 September 2021 17:54

Related items