ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධිය පිළිබඳව මාධ්‍ය අමතා ප්‍රතිචාර දක්වා තිබුණා.
එහිදී ඔහු සඳහන් කළේ කිසිවකුගේ බලපෑමට නොව සිය කැමැත්ත මත බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ බවයි.
ධුරයෙන් ඉල්ලා අස්වීම
අග්‍රාමාත්‍යවරයා ඉතාලියේ සිට තමන්ට රාජ්‍ය අමාත්‍යධුර සියල්ලෙන්ම ඉල්ලා අස්වන ලෙස ප්‍රකාශ කළ යන මතයද ඔහු ප්‍රතික්ෂේප කරනවා.
එහෙත් ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට රත්වත්තේ මහතා වැලිකඩ අනුරාධපුර සිද්ධීන් දෙකෙන් පසු ජනපතිවරයාට දුරකථනයෙන් කථා කොට තිබෙනවා.
ඒ වන විටත් මෙම සිද්ධීන් පිළිබඳව දැඩි කෝපයෙන් සිටි ජනපතිවරයා රත්වත්තේ මහතාගේ දුරකථන ඇමතුමට ප්‍රතිචාර දක්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
ජනපතිට දැක්වූ ප්‍රතිචාරය
තමන් අතින් සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ගෙන තිබෙන රත්වත්තේ මහතා එම සිද්ධීන්ගේ වගකීම ගෙන තමන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වන බව ජනපතිවරයාට දැනුම් දී තිබෙන බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඊට ප්‍රතිචාර ලෙස ජනපතිවරයා සඳහන් කර තිබෙන්නේ "ඉල්ලා අස්වෙන්න එක හොඳයි.කොහොමත් මම අස් කරන්න තමයි හිටියේ."යන්න බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට කමිටුවක්ද පත් කිරීමට ජනපතිවරයා සූදානමින් සිටින බවද දැනගන්නට තිබෙනවා.
එය අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව සිදු කිරීමට ජනපති බලාපොරොත්තුවෙන් සිටින බවයි වාර්තා වන්නේ.