May 03, 2024

ඉතාලියේ සේවය කරන ලංකාවේ අයට අලුත් බලාපොරොත්තුවක්

September 16, 2021

ඉතාලියේ සේවය කරන මෙරට වැසියන්ගේ යෝජනාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබුණා.

පසුගිය 14 වැනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ජී.20 අන්තර් ආගමික සංසදයේ දේශනයක් කිරීමෙන් අනතුරුව ඉතාලියේ බොලොඤ්ඤා නගරයේ දී ඉතාලියේ වෙසෙන ලාංකිකයන් සමඟ සුහද හමුවක් පවත්වා තිබුණා.

එහිදී මෙරට වැසියන් අග්‍රාමාත්‍යවරයාට යෝජනා කර තිබුණේ ඉතාලියේ වසර 20ක් සේවය කිරීමෙන් අනතුරුව හිමිවන ඉතාලි රජයෙන් හිමිවන විශ්‍රාම වැටුප ශ්‍රී ලංකාවට පැමිණිය පසුවත් ලබාගැනීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙසයි.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබුණු අතර එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් විදේශ කටයුතු අමාත්‍ය ජී.එල් පීරිස් මහතා වෙත පවසා තිබුණේ ඒ සම්බන්ධව ඉතාලි රජය සමඟ සාකච්ඡා කරන ලෙසයි.

Rate this item
(2 votes)
Last modified on Friday, 17 September 2021 01:05