May 18, 2024

සුන්දර ඉසව්වකින් දිවෙන ලංකාවේ ‘බී640’ මාර්ගය (PHOTOS)

September 16, 2021

කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව, මාරවිල, මහවැව, මාදම්පෙ, හලාවත නගරයන්හී පවතින රථවාහන තදබදයට විසදුමක් ලෙස වෙරළබඩ සීමාවට සමාන්තරව දිවෙන නයිනමඩම ඉරණවිල හරහා හලාවත දක්වා වන බී 640 මාර්ගයේ සංවර්ධන කටයුතු කඩිනම් කර ඇතැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසනවා.

කිලෝ මීටර් 32 ක දුරකින් සමන්විත මෙම මාර්ගය මංතීරු දෙකක් යටතේ පුළුල් කරමින් තිබෙනවා.

දැනටමත් කිලෝ මීටර් 18 ක වැඩ අවසන් කර ඇති මෙම මාර්ගයේ බරුදැල්පොල ප්‍රදේශයේ මීටර් 100 ක දිගකින් යුක්ත පාලමක් සම්පූර්ණයෙන් වැඩ අවසන් කොට ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තොඩුවාව ප්‍රදේශයේ මීටර් 80 දිග පාලමක් සම්පුර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර තිබෙනවා.

රථ වාහන තදබදය විසදීමට අමතරව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට හා ප්‍රදේශයේ ධීවර කර්මාන්තයේ දියුණුවට ද මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කිරීම වඩාත් ඉවහල් වනු ඇති බවයි සඳහන් වන්නේ.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා එම ප්‍රදේශයේ ආකර්ෂණය වැඩිදියුණු කිරීම පිණිස මග දෙපස වෙරළබඩ ප්‍රදේශයට ආවේණික වූ ශාක වර්ග සිටුවීමට සැලසුම් ද දියත් කර තිබේ.

සංවර්ධනය වෙමින් පවතින මාර්ගයේ ඡායාරූප පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Thursday, 16 September 2021 00:43