May 10, 2024

කබ්රාල්ට කැබිනට් වරප්‍රසාද දීම ගැන පොහොට්ටුවේම අවුලක්

September 14, 2021

අනිද්දා (16) නව මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ බාර ගැනීමට නියමිත අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එම තනතුරේ වැඩ කටයුතු කිරීම සඳහා කැබිනට් අමාත්‍ය වරප්‍රසාද ලබාදීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක්  මතුවයි තිබෙන්නේ.

ඒ ඔහුට කැබිනට් අමාත්‍ය වරප්‍රසාද ලබා දිය නොහැකි බව පොදු ජන පෙරමුණ  තුළින්ම ප්‍රකාශ වීම නිසා.

ජනපතිටත් දැනුම් දීම

මහ බැංකු අධිපති තනතුරේ වැඩ කටයුතු කරද්දී තමාට කැබිනට් ඇමතිවරයෙකු සතු බලතල අවශ්‍ය බව කබ්රාල් මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරනවා.

ඒ බව තමන් ජනපතිවරයාට දැනුම් දුන් බවයි කබ්රාල් මහතා සඳහන් කරන්නේ.

සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීමෙන් පසු මාධ්‍ය අමතා යළිත් වතාවක් තමාට කැබිනට් අමාත්‍ය වරප්‍රසාද අවශ්‍ය බව සඳහන් කළා.

මහ ලේකම්ගේ ප්‍රතිචාරය

ඒ සඳහන කරන අවස්ථාවේ ඔහුත් සමග සිටී පොදුජන පෙරමුණ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළේ නැහැ.

එහෙත් ඉන් පසුව තැබූ මාධ්‍ය හමුවකදී පක්ෂ මහ ලේකම්වරයා සඳහන් කළේ කබ්රාල් මහතාට කැබිනට් අමාත්‍ය වරප්‍රසාද ලබාදීමට නොහැකි බවයි.

පොදුජන පෙරමුණ මහා ලේකම්වරයා මතභේදාත්මක ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන්නෙක්.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව

මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී දැනගන්නට ලැබුණෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කැබිනට් අමාත්‍ය වරප්‍රසාද ලබා දිය හැක්කේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන්ට පමණක් බවයි.

මීට පෙර ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ මහකොමසාරිස් ධූරය භාරගත් මිලින්ද මොරගොඩ මහතාද තමාට එම තනතුරේ වැඩ කරද්දි කැබිනට් අමාත්‍ය වරප්‍රසාද ලැබිය යුතු බවට ඉල්ලීමක්ද කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 September 2021 12:28

Related items