May 03, 2024

“හුදකලා වීම පිළිතුර නෙමෙයි”- අගමැතිවරයා ඉතාලියේදී කළ විශේෂ ප්‍රකාශය

September 13, 2021

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රටවල් සිය දේශසීමා තාවකාලිකව වසා දැමීම සුදුසු වුවත් හුදෙකලා වීම ඊට පිළිතුර නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ බොලොඤ්ඤා නගරයේදී ජී 20 ආගමික සංසදය හමුවේ ඊයේ (12) ප්‍රකාශ කළා.

රටවල මායිම් හරහා භාණ්ඩ, සේවා සහ මිනිසුන්ගේ නිදහස් සංචලනය අප ජීවත් වන ලෝකයේ එක් යථාර්ථයක් බව පැවසූ අග්‍රාමාත්‍යවරයා යහපත් ජීවිතයක් සෙවීම වෙනුවෙන් සිදුවන සංක්‍රමණයට අද පවතින වාතාවරණය අභියෝගයක් වන නමුත් සාධාරණ පදනමක් මත රැකියා ලබාගැනීමේ අවස්ථා නිදහස්ව තිබිය යුතු බවත් අවධාරණය කර සිටියා.

අග්‍රාමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ “සුව කිරීමට කාලයයි : සංස්කෘතින් අතර සාමය, ආගම් අතර අවබෝධය“ යන තේමාව ඔස්සේ ඉතාලියේ බොලොඤ්ඤා නගරයේදී ජී 20 ආගමික සංසදය අමතමින්.

කොවිඩ් 19 අර්බුදය හමුවේ ආගම්, ජාති සහ ශිෂ්ටාචාර අතර වෙනසක් නැති බවත් එය මුළු මහත් මිනිස් සංහතියට මාරාන්තික පහරක් එල්ල කරන බවත් පැවසූ අග්‍රාමාත්‍යවරයා වසංගතයෙන් බේරී නැවත අපේ ජීවිතය ආරම්භ කිරීමට නම් ජාත්‍යන්තර සහයෝගිතාව ශක්තිමත් කළ යුතු බවත් සඳහන් කළා.

නූතන වෛද්‍ය විද්‍යා මඟින් ලබාගත හැකි එන්නත් සහ අනෙකුත් ආරක්ෂාව ලොව පුරා තිබිය යුතු අතර, අඩු ධනවත් රටවල් සඳහා ජාත්‍යන්තර සංවිධාන සහ ශක්තිමත් ආර්ථිකයන් සහිත රටවල ආධාර ලබාගැනීමට දැඩි විධිවිධාන යෙදිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Rate this item
(0 votes)
Last modified on Monday, 13 September 2021 13:26