April 28, 2024

සිවාජිලිංගම්ටත් කොරෝනා

September 12, 2021

උතුරු පලාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ.සිවාජිලිංගම් මහතාටද කොවීඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසනවා.

සිවාජිලිංගම් මහතාට ඇතිවූ හදීසි අසනීප තත්වයක් හේතුවෙන් වැල්වැටිතුරේයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

අනතුරුව මන්ත්‍රීවරයා වැල්වැටිතුරෙයි රෝහලේ සිට කෝපායි ගුරු විද්‍යාලයේ කොවීඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙතට රැගෙනවිත් අවශ්‍ය ප්‍රතිකාර ලබාදිමට පියවර ගෙන ඇති බවටද යාපනය සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

(රොමේෂ් මධුෂංඛ - වව්නියාව)

Rate this item
(0 votes)
Last modified on Sunday, 12 September 2021 11:02