May 02, 2024

අගමැති අද ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළු‍ව අමතයි

September 12, 2021

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළු‍වේ සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතයි.

අද ඉතාලියේ බොලොඤ්ඤා හි පැවැත්වෙන මෙම සමුළුවට සහභාගි විම සඳහා අග්‍රාමාත්‍යවරයා ඇතුළු දුත පිරිස පෙරේදා දිවයිනෙන් පිටත්ව ගියා.

මෙවර එම සමුළුවේ තේමාව සංස්කෘතින් අතර සාමය, ආගම් අතර අවබෝධය යන්නයි.

දින තුනක් පුරා පැවැත්වෙන ජී-20 අන්තර් ආගමික හා සංස්කෘතික සමුළුවට සමගාමිව අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය තාන්ත්‍රික හමුවිම් කිහිපයකට ද එක් විමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

ඉතාලියේ අග්‍රාමාත්‍ය මරියේ ඩ්‍රැගී, යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති ඩේවිඩ් සසෝලි සහ ස්ලෝවෙනියා ජනාධිපති බොරුට් පාහෝර්, අග්‍රාමාත්‍යවරයා එසේ හමුවිමට නියමිත රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් කිහිපදෙනෙකු වනවා.

ජී20 අන්තර් ආගමික සමුළුවට එක්වීම සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස ඊයේ(10) පස්වරුවේ එරට බොලොඤ්ඤා නුවර ගුග්ලියෙල්මෝ මාර්කෝනි ගුවන් තොටුපළට ළඟා වුණා.
 
අනතුරුව අග්‍රාමාතවරයා ඇතුළු දූත පිරිස ඉතාලියේ රාජ්‍ය නිලධාරින් සහ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පැමිණ මහත් හරසරින් පිළිගත් බවයි වාර්තා වන්නේ.
Rate this item
(0 votes)