එක්සත් ජාතික පක්ෂය 75 වැනි සංවත්සරය නිමිත්තෙන් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ මුහුණු පොතේ සටහනක් තබා තිබෙනවා.
ඒ "එක්සත් ජාතික පක්ෂය 75 ට දැවී යයි"ලෙසටයි.
මන්ත්‍රීවරුන්ට තිබුණු ප්‍රශ්නය
එවන් සටහනකට බලපෑ හේතුව කුමක්දැයි බොහෝ සමගි ජන බලවේග මන්ත්‍රීවරුන්ට ප්‍රශ්නයක්ව තිබුණා.
පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති සමගි ගැන බලවේග මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සිය මුහුණු පොත සටහනට හේතු වූ රහස හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා හෙළිදරව් කළා.
හදිසි නීතිය
"දැවී ගිහින් තියෙනවා කියලා මම කියපු එක හරි.හදිසි නීතියට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ ඡන්දය නැහැ.ඉතින් දැවී ගිහින් තමයි."
එක්සත් ජාතික පක්ෂයේ 75 වැනි සංවත්සර දිනය යෙදී තිබුණේ සැප්තැම්බර් 6 වෙනි දිනට.
ඒත් එය එදිනට පෙර දින එනම් සැප්තැම්බර් 5 පැවැත්වීම ගැනත් සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් තුළ කතාබස් වී තිබෙනවා.