May 02, 2024

සජිත් පිල හා රනිල් පිල රාජගිරියේදී හැප්පෙයි - මන්ත්‍රී ගිනි අවියත් අදියි

September 12, 2021

සමගි ජන බලවේගය නියෝජනය කරන වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා සිය ගිනි අවිය පිටතට ගෙන තර්ජනය කිරීමේ සිද්ධියක් වාර්තා වනවා.

ඒ රාජගිරියේ පිහිටි ජාතික වතු කම්කරු සංගමයේ මූලස්ථානයේදී.

තර්ජනය කිරීම

ඔහු එහිදී තර්ජනය කර තිබෙන්නේ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ආර්.යෝගරාජන් මහතාගේ කාර්ය මණ්ඩලයට.

එ.ජා.පය යටතේ තිබූ ජාතික වතු කම්කරු සංගමයේ අයිතිය සම්බන්ධයෙන් එ.ජා.පය හා එ.ජා.පයෙන් කැඩී ගිය සමගි ජන බලවේගය නියෝජනය කරන වඩිවෙල් සුරේෂ් යන පාර්ශවයන් අතර නඩු හබයක් අධිකරණයේ පැවතීම නිසා ජාතික වතු කම්කරු සංගමයේ පරිපාලන කටයුතු අධිකරණය විසින් අත්හිටුවනු ලැබුවා.

එහෙත් පසුගියදා එ.ජා.පය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය එම තහනම ඉවත් කර යළි එහි පරිපාලන කටයුතු අයිති එ.ජා.පයට පැවරුවා.

පක්ෂ නායකයාගේ උපදෙස

ඉන්පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝගරාජන් මහතාට උපදෙස් දී තිබෙන්නේ රාජගිරියේ පිහිටි ජාතික වතු කම්කරු සංගමයේ එම ස්ථානයට ගොස් වැඩ කටයුතු ආරම්භ කරන ලෙසටයි.

දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව වඩිවෙල් සුරේෂ් මහතා එහි පැමිණ ගිනි අවිය පෙන්වා තර්ජනය කිරීමට පෙර එ.ජා.ප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සහ නවීන් දිසානායක යන මහත්වරුන්ද එතැන සිට පිටත්ව ගොස් තිබෙනවා.

ඔවුන් දෙපළ එතැනල එතැනින් පිටත්ව ගිය පසුවයි වඩිවෙල් සුරේෂ් මහතා සිය ගිනි අවිය පෙන්වා මෙම තර්ජනය කිරීම කර තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලැබුණු උපදෙස් මත යෝගරාජන් පාර්ශවය වැලිකඩ පොලීසියේ පැමිණිල්ලක්ද දමා තිබෙන බව වාර්තා වනවා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 12 September 2021 08:15

Related items