May 03, 2024

අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යයි Featured

September 10, 2021

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ඉතාලියේ සංචාරය සදහා 09/10 දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයෙකු ඒෂියන් මිරර් වෙත පවසා සිටියා.

අග්‍රාමාත්‍යවරය සමඟ 17 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක්ද ඉතාලිය බලා පිටත්ව ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම පිරිස අද (09) දිනයේ අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් , මුලින්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පිටත්ව ගොස් තිබෙන අතර එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඉතාලිය වෙත ගමන් කිරීමට නියමිතයි.

(ටි.කේ.ජි.කපිල කටුනායක) 

Rate this item
(0 votes)