May 03, 2024

අගමැතිගෙන් උදිත්ට ලොකු පට්ටමක්

September 10, 2021

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට පත් කර තිබෙනවා.

අදාළ පත්වීම් ලිපිය ඊයේ (09) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් උදිත් ලොකුබණ්ඩාරට ලබා දී තිබෙනවා.

කෘතහස්ත දේශපාලඥයකු වූ විජමු ලොකුබණ්ඩාරගේ දෙටු පුත්‍රයා වූ උදිත් ලොකුබණ්ඩාර මහතා බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 2009 වර්ෂයේ පාර්ලිමේන්තුවට තේරී පත් වී 2015 වර්ෂය දක්වා 7වැනි පාර්ලිමේන්තුව නියෝජනය කළා.

2015 මැතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් වශයෙන් ද ඔහු කටයුතු කළා.

Rate this item
(0 votes)