May 13, 2024

ගම්මන්පිල අමුතු පොටකට

September 10, 2021

දරාගත නොහැකි ණය කන්දරාවද ගෙවා ඒ ණය මුදල මෙන් තවත් තුන් ගුණයක් ලබා ගත හැකි ඉල්ලමක් ගැන ඇමතිවරයෙක් හෙළිදරව්වක් කර තිබෙනවා.

ඒ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතායි.

කාරක සභාව

ඔහු මීට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේ පැවැති බලශක්ති අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී මෙම ඉල්ලම ගැන ගණන් හිලව් සහිතව හෙළිදරව් කර තිබෙන්නේ.

මන්නාරම් දෝණියේ සැඟව ඇති තෙල් හා ගෑස් නිධි සම්පත් වල වටිනාකම මේ වන විට සිය අමාත්‍යාංශ කාර්යාලය සිට ගම්මන්පිල අමාත්‍යවරයා තමන් බලා අවසන්.

ඒ අනුව තෙල් හා ගෑස් නිධි සම්පත්වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 267ක්.

අද ඩොලරයේ වටිනාකම සමග සංසන්දනය කරද්දී එය රුපියල් වලින් නම් රු. බිලියන 53400 ක් පමණ වනවා.

මේ වන විට ලෝකයට ණය වී ඇති සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 47ක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ලැබෙන ශුද්ධ ලාභය

තෙල් හා ගෑස් නිධියේ වැඩේට ආයෝජනය කරන අයට 50% ක් ලබා දුන්නද ඉතිරි වන ඇමරිකානු ඩොලර් බිලියන 133.5 ගෙවීමට ඇති ණය මුදල මෙන් තුන් ගුණයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ විතරක් නෙමෙයි මන්නාරම් දෝණියේ ඇති ගෑස් වලින් නොරොච්චෝලේ බලාගාරය වසර 120ක් ක්‍රියා කළහැකි බවත් දෝණියේ ඇති තෙල් වලින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසර 143ක් ක්‍රියාත්මක කළ හැකි බවද ගම්මන්පිල අමාත්‍යවරයා කාරක සභාව අමතා දැනුවත් කර තිබෙනවා.

ගම්මන්පිල අමාත්‍යවරයාගේ මෙම ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ පනත් කෙටුම්පතට කාරක සභාවේ එකඟතාවය හිමි වී තිබෙනවා.

ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්ය

ශ්‍රී ලංකා ඛනිජ සංවර්ධන අධිකාරිය පිහිටුවීම ඇතුළු ඛනිජ තෙල් සම්පත් ගවේෂණ කටයුතු නියාමනය සහ කළමනාකරණය කරමින් වඩාත් විධිමත් කිරීම සඳහා වන කෙටුම්පත රජයේ ප්‍රමුඛ කාර්යයක් සේ සලකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි අමාත්‍යවරයාගේ බලාපොරොත්තුව.

කෙසේ වෙතත් ගම්මන්පිල අමාත්‍යවරයාගේ මෙම ඉදිරිපත් කිරීමෙන් පෙනී යන්නේ දෝණියේ ඇති සම්පූර්ණ තෙල් හා ගෑස් නිධි එකවර ගොඩ ගන්නා බවක්.

එක අතකින් මෙහෙම කියන අමාත්‍යවරයා මේ වන විට රටට අවශ්‍ය තෙල් මිලට ගැනීම සඳහා ඩොලර් හිඟකම මත දිගු කාලීන ණය පහසුකම් යටතේ තෙල් ලබා ගැනීමටත් සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඒ මහා පරිමාණ තෙල් නිෂ්පාදිත රටවල් වන ඉරාන සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයන්හි මෙරට සිටින තානාපති අංශ සමග.

Rate this item
(0 votes)
Last modified on Friday, 10 September 2021 01:40