රට මුහුණ දී තිබෙන අර්බුදයෙන් ගොඩ ඒමට ආණ්ඩුවට විපක්ෂයේ සහය ලබාදීමට සූදානම් බව ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ සඳහන් කළා.
දැනටමත් යෝජනා දීලා
මේ වන විටත් විපක්ෂය රට ගොඩ ගැනීම සඳහා සිය වැඩ පිලිවෙල ඉදිරිපත් කර තිබෙන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා කැමති නම් එය සැලකිල්ලට ගන්නා ලෙසත් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා.
සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විපක්ෂයේද සහාය ලබා දෙන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්.
ඇමතිට ස්තූතියි
ඒ වගේම තමා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට ස්තූතිවන්ත වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.
අපේ රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බූදයේ ඇත්ත ඇති සැටියෙන්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව සඳහන් කරමින්.