May 02, 2024

හැඩ වැඩ දාපු ත්‍රීවිල් ගැන රජයෙන් තීරණයක්

September 06, 2021

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව අතර ත්‍රිරෝද රථ අලංකරණය කිරීම කලාවක් බවට පත්වෙලා තියෙනවා.

නමුත් මේ සඳහා නීතියෙන් අවසර ලබාදී තිබුණේ නැහැ.

මේ සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ හිමියන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ප්‍රවාහන රාජ්‍ය අමාත දිලුම් අමුණුගම මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාවෙන් අනතුරුව ජනතාවට අනතුරක් නො වන ආකාරයෙන් නීති මාලාවකට යටත්ව ත්‍රිරෝද රථ අලංකරණය සඳහා අවසර ලබාදී තිබෙනවා.

ත්‍රීරෝද රථ අලංකරණය සම්බන්ධව පැවැති නීති කිහිපයක් සංශෝධනය කරමින් පසුයි අගෝස්තු මස 14 වැනිදා විශේෂ ගැසට් පත්‍රයක් ද නිකුත් කර තිබුණා.

එම ගැසට්ටුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ත්‍රිරෝද රථ හිමියන් සහ අග්‍රාමාත්‍යවරයා සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර පැවැති සාච්ඡාවකදී සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටියේ එහි ඇති යම් නීතින් සංශෝධනය කිරීම සඳහා අවසර ලබාදුන් බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 06 September 2021 14:22