May 06, 2024

මුරුත්තෙට්ටුවේ හිමිට ඇමැති කීකරු වෙයි! අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝගයකුත් දෙයි

September 04, 2021

දිවයිනේ ඇතැම් රෝහල්හි කලක සිට ගොඩගැසී ඇති හඳුනා නොගත් මෘත දේහ සම්බන්ධයෙන් සුදුසු නීතිමය තත්ත්වය සොයා බලා එම මෘත දේහ ඉතා ඉක්මනින් රෝහල් වලින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

අධිකරණමය ක්‍රියාමාර්ග මෙන්ම විවිධ හේතු නිසාවෙන් සමහර මෘත ශරීර ඇතැම් රෝහල් වලින් නිදහස් කිරීමට නොහැකි වී ඇති අතර, ඒ පිළිබඳව දැඩි අවධානය යොමුකරමින් ඒවා කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද මෙහිදී අමාත්‍යවරයා උපදෙස් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මුරුත්තෙට්ටුවේ හිමිගේ ඉල්ලීම

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ පැවති සාකච්ඡාවකදී ඉදිරිපත් වූ කරුණූ මත අමාත්‍යවරයා මේ පිළිබඳව සොයාබැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

කලක සිට ගොඩගැසී තිබූ මෘත දේහයන් ප්‍රමාණයක් මෙයට දින කිහිපයකට පෙරද රෝහල් වලින් ඉවත් කිරීමට පියවර ගැනුණු අතර එලෙස ඉතිරිව තිබෙන තවත් මෘත දේහයන්ද මේ අනුව කඩිනමින් ඉවත් කිරීමට පියවර ගැනේ.

ඇමැතිගෙන් නිලධාරීන් උපදෙස්

මේ අතර ඇතැම් රෝහල්හි අබලන්ව ඇති මෘත ශරීරාගාර හා ශීතාගාර කඩිනමින් අළුත්වැඩියා කරන ලෙසද සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව රෝහල්හි මෘත ශරීර අනවශ්‍ය ලෙස ගොඩ ගැසීම වළක්වා ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගත යුතුව ඇතැයිද අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී පෙන්වා දුන්නා.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති වන්නේ නාරාහේන්පිට අභයාරාමාධිපති, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ය. මීට පෙර සෞඛ්‍ය ඇමැති ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ක්‍රියා කලාපය දැඩිව විවේචනය කරමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අදහස් පළ කර තිබුණා.

Rate this item
(0 votes)