May 19, 2024

ආණ්ඩුවේ හදිසියට විපක්ෂයේ විරෝධය - හේතුවත් හෙලිකරයි

September 04, 2021

ජනපතිවරයා විසින් පනවන හදිසි නීති රෙගුලාසි සඳහා විරෝධය දැක්වීමට විපක්ෂයේ පක්ෂ රැසක් තීරණය කර තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කරනවා.

පක්ෂ තුනක ස්ථාවරය

සමගි ජන බලවේගය , එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය ඒ අතර වන බවයි කිරිඇල්ල මහතා පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය තවමත් සිය ස්ථාවරය දැනුම් නොදුන් බවයි කිරිඇල්ල මහතා අවධාරණය කරන්නේ.

අත්‍යවශ්‍ය ආහාර සම්බන්ධයෙන් වූ හදිසි නීති තත්ත්වය දින 10 තුළ පාර්ලිමේන්තුවේ සම්මත කර ගත යුතු අතර එසේ නොවුවහොත් දින 14ක් තුළ එය අහෝසි වනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීම එළඹෙන 6 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි.

සැබෑ අරමුණ වෙන එකක්

අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ බෙදා හැරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තිබෙන අතර ඒ සඳහා වූ නීති රීතිද තිබියදී ජනපතිවරය හදිසි නීතිය පැනවූයේ වෙනත් අරමුණකින් බවටයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා චෝදනා කරන්නේ.

හදිසි තත්ත්වය ප්‍රකාශ කිරීමේ සැබෑ හේතුව ඉදිරියේදී ඇතිවිය හැකියි මහජන විරෝධය මර්දනය කිරීමට බවයි ඔහු පෙන්වා දෙන්නේ.

හදිසි නීතිය සම්බන්ධයෙන් වූ ඡන්දය එළඹෙන 6 වැනිදා සවස 4.30 ට පැවැත්වීමට නියමිත බවත් කිරිඇල්ල මහතා සඳහන් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 04 September 2021 13:59

Related items