අඩු මිලට භාණ්ඩ සපයනවා යැයි කියපු වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයින් අද වන විට සම්පුර්ණයෙන්ම බොරුකාරයන් බවට පත්වී ඇති බවට විපක්ෂ නායක සජීත් ප්‍රේමදාස මහතා පවසා සිටිනවා.
භාණ්ඩ මිලදී ගැනීමට ඉඩ නොදී ආණ්ඩුව විසින් සීමා පැනවීමක් කරන බවටද විපක්ෂ නායකවරයා චෝදනා කර සිටියා.
ජාත්‍යන්තර මුල්‍ය ආයතන සමඟ කතාබස් කොට මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා උදව් ඉල්ලන ලෙසත් ඒ සඳහා විපක්ෂයේ සහාය ලබාදෙන බවද සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියා.
“රට කඩා වැටෙන්න ඉඩ දීලා, රාජ්‍ය බලය, දේශපාලන බලය උදුරා ගැනීමේ ක්‍රම උපායක් ක්‍රියාත්මක කිරීමට අපෙ කිසිසේත්ම බලාපොරොත්තුවක් නැහැ, රජයෙන් මම ඉල්ලීමක් කරනවා බොහෝම පැහැදිළිව තමුන්නාසේලාට මේ රට පාලනය කරන්න බැරි නම් ඒ අවස්ථාව අපිට ලබාදෙන්න, අපිට පුළුවන් මේ රට ගොඩ නගන්න..” ලෙසින්ද මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළා.