May 13, 2024

ගම්මන්පිල සාකච්ඡා කළාට තීන්දුව තියෙන්නේ බැසිල් අතේලු

තෙල් නිපදවන රටවල් වලින් දිගු කාලීන ණය සහන මත තෙල් ලබා ගැනීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

ඒ රට මුහුණ දී සිටින බරපතළ ඩොලර් හිඟයට පිලියමක් ලෙස.

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත වලින් 18% ක් වැය වන්නේ තෙල් මිලට ගැනීම සඳහායි.

ඇමති පවත්වන සාකච්ඡා

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටින ඉරාන හා එක්සත් අරාබි එමිර් රාජ්‍යයයේ තානාපති අංශ සමඟ අමාත්‍යවරයා සාකච්ඡා කර තිබෙනවා.

එහෙත් දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව මේ සම්බන්ධයෙන් ගම්මන්පිල අමාත්‍යවරයා සාකච්ඡා කළද ඒ සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ මුදල් අමාත්‍යාංශය බවයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ.

බලය තිබෙන්නේ මුදල් අමාත්‍යංශයට

ණය සහන මත තෙල් ගැනීමේ එකගතාවයකට පැමිණීමේ සම්පූර්ණ නෛතික බලය තිබෙන්නේ බලශක්ති අමාත්‍යාංශයට නොව මුදල් අමාත්‍යාංශයට බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග ඒ සඳහා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය අවශ්‍ය බවයි සඳහන් කරන්නේ.

එහෙත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා හා ගම්මන්පිල අමාත්‍යවරයා අතර එතරම් ඇයි හොඳයියක් නොපවතින බව ප්‍රසිද්ධ කරුණක්.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 01 September 2021 10:07