May 02, 2024

රට වසා දැමීම ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

රට දීර්ඝකාලීනව වසාදැමීම ප්‍රායෝගික නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

රට කොරෝනාවෙන් බේරාගැනීමට ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවත් රට වසා දැමුණු කාලයේදී ජනතාව දැක්වූ සහයෝගයට ස්තුතිය පුද කරන බවත් අගමැතිවරයා ප්‍රකාශ කළා.

කොරෝනා පරාජය කිරීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කරගෙන යන කාර්යභාරය අගය කරන බවද අගමැතිවරයා පෙන්වා දුන්නා.

අගමැතිවරයා මෙසේ පැවසුවේ අරලියගහ මන්දිරයේදී අද පැවති සාකච්ඡාවකදී ය.

Rate this item
(0 votes)
Last modified on Friday, 27 August 2021 12:13