May 01, 2024

ඉරාජ් සියල්ල අත්හරී! නාමල්ට ලිපියකුත් දෙයි Featured

මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ සිටින සංගීත නිර්මාණ ශිල්පියෙකු, ගීත රචකයෙකු සහ ගායකයෙකු ද වන ඉරාජ් වීරරත්න විසින් ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබෙනවා.

මෙලෙස නාමල් රාජපක්ෂ මහතා වෙත ඉරාජ් විසින් යවා ඇති ලිපියේ සඳහන් වන්නේ අමාත්‍යවරයා විසින් ඉරාජ් වෙත ලබාදී තිබූ ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ධූරයන් තමන් ඉල්ලා අස්වෙන බවයි. එම තනතුර හරහා මෙරට තරුණ පරපුරට සහ රට වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාවක් ලබාදීම පිළිබඳවද අමාත්‍යවරයාට ස්තූතිවන්ත වීමට ඉරාජ කටයුතු කර තිබුණා.

තනතුර අත්හැරී සම්බන්ධයෙන් ඉරාජ් හේතු ලෙස දක්වා තිබුණේ තමන්ගේ හදිසි පෞද්ගලික වැඩ කටයුතු කිහිපයක් කරගැනීම සිදුව තිබෙන බවයි.

තනතුර අත්හැරිය ද තමන්ගේ වෘත්තීමය හැකියාවෙන් අමාත්‍යවරයාටත්, රටේ තරුණ පරපුරටත් සහාය ලබාදීමට තමන් සුදානම් බවද ඉරාජ් සිය ලිපිය හරහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත පවසා තිබෙනවා.

ඉරාජ් වීරරත්න විසින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත යවන ලද ලිපිය පහතින්,

Rate this item
(8 votes)