May 20, 2024

තෙලුත් ණයට : ඇමතිගේ අලූත්ම තැටිය

තෙල් මිලට ගන්න ඩොලර් නැති බව ප්‍රසිද්ධියේ කියන විෂය භාර බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා දැන් තෙල් ගන්න අලුත් වැඩක් පටන් ගෙන.

ඒ දිගු කාලීන ණය පදනම මත තෙල් ගන්න එක.

තෙල් රටවල් 2ක් සමග සාකච්ඡා

ඒ ගැන තෙල් නිෂ්පාදනය කරන ලොව ප්‍රධාන රටවල් දෙකක තානාපති අංශ සමග සාකච්ඡා කළ බවයි දැනගන්නට තිබෙන්නේ.

ඉරාන තානාපතිවරයා සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය තානාපති කාර්යාලයේ වැඩ බලන ප්‍රධානියා ගම්මන්පිල අමාත්‍යවරයා වෙන වෙනම මුණගැසී තිබෙනවා.

රටේ ඇත්ත තත්ත්වය කීම

ඒ හමු දෙකේදීම අමාත්‍යවරයා ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන විදේශ විනිමය අර්බූදය ගැන ඒ තානාපති අංශ දැනුවත් කර තිබෙනවා.

ඒ හේතුව මත ඒ හමු දෙකේදීම අමාත්‍යවරයා කර තිබෙන්නේ එකම ආකාරයේ ඉල්ලීමක්.

ශ්‍රී ලංකාව මුහුණපා සිටින විදේශ විනිමය අර්බුදයට විසඳුමක් වශයෙන් දිගු කාලීන ණය පදනම යටතේ බොරතෙල් හා ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන ලබා දෙන ලෙසයි.

අමාත්‍යවරයා මේ හමුවීම් දෙකම සිදු කර තිබෙන්නේ ඉකුත් 23 වැනි දින සිය අමාත්‍යාංශ පරිශ්‍රයේදී.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 August 2021 00:44