May 10, 2024

පොහොට්ටු ලේකම්ට ප්‍රති පිළිතුරු දීම ගැන ඇමති මතය

දෙවතාවක් ඇන ගත් පොදු ජන පෙරමුණ ලේකම්වරයාට ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තුවක් නැති බව උදය ගම්මන්පිල බලශක්ති අමාත්‍යවරයා සදහන් කරනවා.

මහ ලේකම්ගේ දක්ෂකම

මීට පෙර පොදු ජන පෙරමුණ ලේකම්වරයා විමල් වීරවංශ අමාත්‍යවරයාට හා තමාට එරෙහිව ප්‍රතිචාර දක්වා අනා ගත් බව පෙන්වා දෙන ගම්මන්පිල අමාත්‍යවරයා එවැන්නෙකුට ප්‍රතිචාර දැක්වීම තේරුමක් නැති වැඩක් බවයි සඳහන් කරන්නේ.

ගම්මන්පිල අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඔහු ඇතුළු විමල් වීරවංශ හා වාසුදේව නානායක්කාර අමාත්‍යවරුන් කුමන්ත්‍රණකාරී ලෙස හඳුන්වමින් පොදුජන පෙරමුණ මහා ලේකම් සාගර කාරියවසම් මහතා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින්.

වීරවංස , ගම්මන්පිල හා නානයක්කාර අමාත්‍යවරුන් රට වසා දමන ලෙස ඉල්ලමින් ජනපතිවරයා වෙත යැවූ ලිපිය ගැන පොදුජන පෙරමුණ මහ ලේකම්වරයා මාධ්‍ය හමුවක් තබමින් දැඩි ප්‍රතිචාරයක් දැක්වූවා.

එම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූයේ පොදු ජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ.

මහ ලේකම් ජනපතිගෙන් කළ ඉල්ලීම

එහිදී මෙම අමාත්‍යවරුන් තිදෙනාගේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කළ මහ ලේකම්වරයා ඔවුන් සම්බන්ධයෙන් වහා තීරණයක් ගන්නා ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලීමක්ද කළා.

මෙම අමාත්‍යවරුන් තිදෙනා සමග එම ලිපියට අත්සන් කළ පොදුජන පෙරමුණ සන්ධානයේ අනිකුත් හවුල්කාර පක්ෂ සම්බන්ධයෙන්ද සිය අප්‍රසාදය මහ ලේකම්වරයා එම මාධ්‍ය සාකච්ඡාවේදී පළ කළා.

එම මාධ්‍ය සාකච්ඡාවට මහ ලේකම්වරයාට අමතරව ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාද සහභාගි වූවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 August 2021 10:04

Related items