May 06, 2024

මට ෂුවර් මගේ පුතා: ඒකයි පත් කළේ - කෙහෙළිය කෙලින්ම කියයි Featured

නව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය පෞද්ගලික ලේකම් ධුරයට සිය පුත්‍රයාව පත් කර තිබීම සමාජයේ අවධානයට ලක්ව තිබෙන්නක්.

ඊට හේතු වූ පදනම ඇමතිවරයා හිරු නාලිකාවේ පැවැති දේශපාලනික වැඩසටහනකට එක්වෙමින් සඳහන් කළා.

රජයේ තනතුරක් නෙමෙයි

ඇමතිවරයෙකුගේ පෞද්ගලික ලේකම් ධූරය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තනතුරක් මිස රජයේ තනතුරක් නොවන බවයි නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙන්නේ.

ඒ නිසා එම ධුරයට පත්කර ගනු ලබන්නේ ඇමතිවරයාට වඩාත් විශ්වාසවන්තම පුද්ගලයකු බව රඹුක්වැල්ල මහතා සදහන් කරනවා.

මට විශ්වාස කෙනා

ඒ නිසා තමා තමන්ගේ පුද්ගලික ලේකම් ධුරයට තමාට වඩාත් විශ්වාසවන්ත පුද්ගලයෙකු වන තමන්ගේ පුත්‍රයාව පත් කර ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය පෞද්ගලික ලේකම් ධුරයට පත්කර තිබෙන රමිත් රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

ඔහු ඒ අවදියේදී රිය අනතුරු ඇතුළු මතභේදාත්මක සිද්ධීන් රැසකට මැදිහත් වූවෙක්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 August 2021 09:08