May 06, 2024

මේක මාව අමාරුවේ දාන්න දුන්න ඇමතිකමක් නෙවෙයි - නව ඇමති කියයි

තමාව සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් කළේ තමාව දේශපාලන වශයෙන් විනාශ කොට අමාරුවේ දැමීමට යයි තමා නොසිතන බව නව සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

වගකීම බාරගන්න බැඳී සිටිනවා

ජනපතිවරයා වගකීමක් භාර දුන් විට ආණ්ඩුවේ මහජන නියෝජිතයෙක් හැටියට එය භාර ගැනීමට තමන් බැඳී සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එම වගකීම උපරිම අයුරින් ඉටු කිරීම තම ඉලක්කය බවයි රඹුක්වැල්ල මහතා පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හිරු රූපවාහිනියේ පැවැති දේශපාලනික වැඩවැඩසටහනකදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

කුණු ගොඩක් බාර දීම

රඹුක්වැල්ල මහතාට භාර දී තිබෙන්නේ කුණු ගොඩක් බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කර තිබෙන බව ප්‍රශ්න කරන්නන් ඇමතිවරයාගෙන් විමසුවා.

ඊට පිළිතුරු දෙමින් ඇමැතිවරයා සදහන් කළේ තමන්ද සෞඛ්‍ය ඇමැති ධූරය භාරගැනීමෙන් පසු මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදුටු අවස්ථාවේ ඒ කතාව උන් වහන්සේ තමන්ටද කියූ බවයි.

එහෙත් තමන් එසේ නොහිතන බවත් තමා සිතන්නේ එම භාරදූර අභියෝගය ජයගන්නේ කෙසේද යන්න පමණක් බවයි ඊට පිළිතුර ලෙස අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 August 2021 09:10