May 06, 2024

කෙහෙළියට පින පෑදුණ දොස්තරගේ තීන්දුව

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ සතුටකින් නෙවෙයි.

ඒ එම අමාත්‍ය ධුරය හරහා කළ හැකි ලොකු වැඩ කොටසක් නැති නිසා.

එමෙන්ම රජයේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙස රඹුක්වැල්ල මහතා ඇතැම් ප්‍රකාශ කළේ ආණ්ඩුවද අසීරුවට පත් වන අයුරින්.

සතුටට පත් ඇමතිවරයා

මේ නිසා කැබිනට් මණ්ඩල සංශෝධනය ගැන බොහෝ ඇමතිවරු අසතුටට පත් වෙද්දී රඹුක්වැල්ල මහතාට නම් එය සතුටු වීමට කාරණයක්.

ඒ ඔහුට ලැබුණු සෞඛ්‍ය අමාත්‍ය ධූරය නිසා.

කොහොමත් රඹුක්වැල්ල මහතාගේ අමාත්‍යධූරයේ වෙනස් වන බව කල්තියාම ප්‍රසිද්ධ වී තිබුණේ.

එහෙත් ඔහුට ලැබීමට නියමිතව තිබුණේ අමාත්‍යාංශය හුවමාරුවක් හැටියට විදුලිබල අමාත්‍ය ධුරයයි.

විදුලි බල අමාත්‍ය ධූරය දැරූ ඩලස් අලහප්පෙරුම මහතාව ජනමාධ්‍ය අමාත්‍ය ධූරයට පත් කිරීමටයි මුලින් යෝජනා වී තිබුණේ.

යෝජනා කළ ඇමති බැහැ කීම

ජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරන අන්දමට රඹුක්වැල්ල මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ලැබී තිබෙන්නේ එම අමාත්‍ය ධුරය භාරගන්නා ලෙස ජනපතිවරයා කළ ඉල්ලීම වෛද්‍ය රමේෂ් පතිරණ විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා.

වෛද්‍යවරයෙකු වීම නිසා රමේෂ් පතිරණ මහතාට සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දැනුමක් තිබීමයි ඔහුට එම අමාත්‍යධූරය ලබාදීම සඳහා සඳහා මූලික සුදුසුකම වී තිබෙන්නේ.

වෛද්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය අමාත්‍ය ධූරය ප්‍රතික්ෂේප කිරීමට හේතුද ජනපතිවරයාට පෙන්වා දී තිබෙන බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

වෘත්තීමය ගැටලු මතු විය හැකි බව

තමන් වෛද්‍යවරයකු වීම නිසා අනිකුත් වෛද්‍යවරුන්ට උපදෙස් හා නියෝග ලබා දීමේදී යම් වෘත්තීමය ගැටුමක් ඇතිවිය හැකි බැවින් සෞඛ්‍ය අමාත්‍ය ධූරය භාර ගැනීමට නොහැකි බව ජනපතිවරයාට පතිරණ මහතා පෙන්වා දී තිබෙනවා.

ඒ අනුවයි අවසාන මොහොතේ බලාපොරොත්තු නොවූ පරිදි කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලැබුණේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 23 August 2021 17:30