May 17, 2024

(EXCLUSIVE) බොරුවක් ගිය දුරක් - තෙල් පෝලිමට හේතුව ඇමති කියයි

ඊයේ (20) රාත්‍රියේ සිට එළැඹෙන 30 උදෑසන දක්වා රට වසා දැමීමට ජනපති තීරණය කලා.

ඒ පවතින කොවිඩ් වසංගත තත්ත්වය උග්‍රවීම නිසා විවිධ පාර්ශව වලින් කෙරුණු ඉල්ලීම මත.

ඒ සමගම අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාව එක්රොක් වුණ අතර ඒ සියල්ලටම වඩා අවධානය යොමු වුණේ මුළු රට පුරාම තිබූ දීර්ඝ ඉන්ධන පෝලිම් වෙතයි.

තෙල් හිඟයක් ගැන බියක්

රටේ ඉන්ධන හිඟයක් ඇති වෙතැයි යන බිය මත මහ රෑ වනතුරු වාහන හිමියන් ඉන්ධන හල් පෝලිම්වල හිටියේ.

මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් තොරතුරු විමසුවා.

එහිදී ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළේ රටේ කිසිදු තෙල් හිඟයක් නොමැති බවයි.

අසත්‍යය ප්‍රකාශයකට ප්‍රසිද්ධිය දීම

විශ්‍රාම ගිය තෙල් සංස්ථා සේවකයකු තෙල් හිඟයක් ඇති වන බවට කළ අසත්‍යය ප්‍රකාශයකට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලැබීම නිසා මෙවැනි තෙල් පෝලිම් ඇතිවූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ ආකාරයට තෙල් පිරවුම් හල් වලින් වාහන තෙල් ගැසීම නිසා එම පිරවුම්හල් වල මේ වන විටත් තෙල් අවසන් වීම මත එම පිරහුම් හල්වල නම් තෙල් හිඟයක් ඇති විය හැකි බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 21 August 2021 17:30