May 07, 2024

ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රීලනිපය ලොකු වැඩකට අතගසයි

සැප්තැම්බර් මස 02වැනිදාට යෙදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරයට සමගාමීව ලේ පයින්ට් දස දහසක් පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

පක්ෂ සාමාජිකත්වයේ සහභාගීත්වයෙන් ඉදිරි සති දෙක ඇතුළත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව හෙට (20) සිට ලබන 1 වැනිදා දක්වා රුධිර බැංකුවේ ජංගම රථ හා පක්‍ෂයේ 10,000කට අධික පිරිසක් සහභාගී කරගෙන දැවැන්ත ලේ දන්දීමක් කිරීමට නියමිත බවයි එම පක්‍ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 70 වැනි සංවත්සරය ලබන මස 2 වැනිදාට යෙදී ඇති අතර කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් එය සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

රට පුරා සිටින පක්‍ෂ සංවිධායකවරු, මන්ත්‍රීවරු සහ පාක්‍ෂිකයින් සමඟ සූම් තාක්‍ෂණය ඔස්සේ එම සැමරුම පැවැත්වීමට නියමිතය.

යාපනයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ පක්ෂයේ සංවත්සරය අවලංගු කර ඒ වෙනුවට සූම් තාක්ෂණය යොදා ගනිමින් සංවත්සරයට පැවැත්වීමටද පක්ෂය තීරණය කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 August 2021 09:46

Related items