May 18, 2024

ජොනීගේ කුමන්ත්‍රණ කතාවට දින 2 යි: ලන්සාගේ සහෝදරයා මීගමුව නගරයම වහයි

කොවිඩ් වසංගත තත්වය උග්‍ර වීම නිසා මේ වන විට බොහෝ නගරවල කඩ සාප්පු ස්වයං කැමැත්තට අනුව වසා දමමිනුයි තිබෙන්නේ.

එම තීරණය ගෙන තිබෙන්නේ එම නගරවල වෙළඳ සංගම් විසින්.

ඇමැති ජොනීගේ මතය

මෙසේ ස්වයංව නගර වසා දැමීම විපක්ෂයේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ සඳහන් කරන්නේ.

එය තමාගේ මතය නොව රජයේ මතය බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඉකුත් 16 වෙනිදා

මීගමුව නගරාධිපතිගේ තීරණය

එහෙත් මේ වන විට මීගමුව නගරය හෙට (19) සිට සතියකට වසා දමන බවයි මීගමුව නගරාධිපති දයාන් ලන්සා මහතා ප්‍රකාශ කරන්නේ.

මීගමුව නගර සභාවේ බලය තිබෙන්නේ ආණ්ඩු කරන පොදු ජන පෙරමුණට.

පොදුජන පෙරමුණ නියෝජනය කරන දයාන් ලංසා මහතා නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයාගේ සොහොයුරා.

කොවිඩ් මර්දනයට සහ රජයට හා සෞඛ්‍ය අංශ වලට සහාය ලබා ලබාදීම වස් මීගමුව නගරයේ වෙළඳ සංගම් 5 ක් සාකච්ඡා කිරීමෙන් පසු එම තීන්දුව ගත් බවයි නගරාධිපතිවරයා සඳහන් කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 August 2021 16:12

Related items