May 06, 2024

මගේ ප්ලෑන ඇති: ඒකට කෙහෙළියට උදව් කරන්න - පවිත්‍රාගෙන් උපදෙස්

තව සති හතරකින් සියලු දෙනාම එන්නත් කර රට කොවිඩ් වසංගතයෙන් බේරා ගැනීම සිය ඉලක්කය වූ බවයි හිටපු සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නේ

ඉදිරි සති හතර තුළ සියලු දෙනාටම කොවිඩ් මර්දන දෙවන එන්නතද ලබාදී අවසන් කිරීමට හැකිව තිබූ බවයි වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරන්නේ.

මේ වන විටත් 54% කට වසංගත මර්දන එන්නත ලබාදී අවසන් බවත් හිටපු ඇමතිවරිය සඳහන් කරනවා.

ඉතිරිව ඇත්තේ සති හතරයි

ඉතා වේගයෙන් පැතිර යන වසංගත තත්ත්වයෙන් මිදීමට ඉතිරිව ඇත්තේ තව සති 4 ක පමණ කාලයක් බවයි හිටපු ඇමතිවරිය අවධාරණය කරන්නේ.

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම අදහස් පළ කළේ සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් සමු ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවිධානය කර තිබූ ඉතා කෙටි උත්සවය අමතමින්.

මම දන්නෙත් නැහැ එතනට යනකන්

ඉකුත් 16 සිදුකළ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී වන්නිආරච්චි මහත්මිය බව සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කර ප්‍රවාහන අමාත්‍ය ධුරයට ජනපතිවරයා විසින් පත්කළා.

තමාගෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉවත් කරන බවක් කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු වූ ජනපති ලේකම් කාර්‍යාලයට යන තෙක් තමන් දැන නොසිටි බව හිටපු ඇමතිවරිය සඳහන් කළේ එවන් වෙනසක් තමා බලාපොරොත්තු නොවූ බවද පෙන්වා දෙමින්.

ඇමති මාරුව පිළිබඳ සිය කලකිරිම යටපත් කරමින් වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ ලැබෙන දෙයක් සතුටින් බාර ගත යුතු බවයි.

නව ඇමතිට සහය දෙන්න

මේ වන විට කෙහෙළිය රඹුක්වැල්ල මහතා නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා.

එම ඉතිරි වැඩ කොටස කරගෙන යෑම සඳහා නව අමාත්‍යවරයාට සහාය දෙන ලෙස වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කළා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 August 2021 08:37