May 20, 2024

ඩොලර් හිඟයි: තෙල් වියදම සැර වැඩියි - පාවිච්චිය පරිස්සමෙන්

උදය ගම්මන්පිල මහතා රට මුහුණ දී තිබෙන ඩොලර් හිඟය ගැන නිතරම මතක් කර දෙන ඇමතිවරයෙක්.

ඔහු ඊයේ (17) යළිත් මේ බව මතක් කර දී තිබෙනවා.

යථාර්ථය එයයි

විදේශ මුදල් හිඟ අර්බුදයක ශ්‍රී ලංකාව මුහුණ දී සිටීම යථාර්ථය බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එහිදී එය තමන් වගකීම දරන බලශක්ති විෂයට අදාළ වන අයුරු ද පෙන්වා දී තිබෙනවා.

ආනයන වියදමින් වැඩි බර

2021 වර්ෂයේ මුල් මාස හයේ ආනයන වියදමින් 18% ක් වැය වූයේ රටට තෙල් ගෙන්වීම සදහා බවයි අමාත්‍යවරයා එළිදරව් කරන්නේ.

එම ප්‍රතිශතය අවසාන මාස හයේ 25% පමණ දක්වා ඉහළ යනු ඇති බවයි අමාත්‍යවරයා පුරෝකතනය කරන්නේ.

පාරිභෝගිකයාගේ වගකීම

ඒ නිසා විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහා තෙල් පාවිච්චිය අරපිරිමැස්මෙන් කරන ලෙස අමාත්‍යවරයා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක්ද කරනවා.

ඉන් ඉතිරි වෙන මුදල මුහුණ දී තිබෙන කොවිඩ් වසංගත තත්ත්වයට මුහුණ දීමට අවශ්‍ය ඖෂධ සහ එන්නත් ගෙන ඒමට වැය කළ හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 August 2021 13:42