May 05, 2024

රනිල්, ගෝඨා හමුවෙයි! ජනපති කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක්

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(17) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා. 

කොවිඩ් වසංගත තත්ත්වය සහ රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් එම හමුවේදී සාකච්ඡාවට ගැණෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති කාර්යාලයේදී එම හමුව සිදුවීමට නියමිත බව වාර්තා වනවා.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරන්නේ මෙම හමුවේ දී රටේ ආර්ථිකය බිඳ නොවැටී ඉදිරියට පවත්වාගෙන යාම, වසංගතයක් පාලනය ආදී වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා සිදුව ඇති බවයි.

Rate this item
(1 Vote)

Related items