May 02, 2024

පවිත්‍රා ගොඩ: අගමැති පිහිටට

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කාන්තාවක්.

කාන්තාවන්ට උරුම හැට හතර මායම් ගැනත් කියවෙනවා.

පවිත්‍රාගේ සමත්කම

ඒ කෙසේ වෙතත් වන්නිආරච්චි මහත්මිය සිය සෞඛ්‍ය අමාත්‍ය ධූරය ඉදිරියටත් රැක ගැනීමට සමත්ව තිබෙන බවයි අලුත්ම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එළඹෙන අගහරුවාදා (17) සිදුවෙතැයි විශ්වාස කෙරෙන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී වන්නිආරච්චි මහත්මිය දරණ සෞඛ්‍යය අමාත්‍යධූරය එම විෂය පිළිබඳ අවබෝධයක් ඇති වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට ලබාදීමට නියමිතව තිබුණු බවයි කලින් වාර්තා වුණේ.

වෛද්‍ය රමේෂ් පතිරණ මහතා දැනට දරන්නේ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයයි.

කොවිඩ් ප්‍රශ්නය නිසි අයුරින් කළමනාකරණය කර ගැනීමේ වගකීම පැවරී ඇති සෞඛ්‍ය අමාත්‍යාංශය එම වගකීම හරිහැටි ඉටු නොකිරීම මුල්කොටගෙන ජනපතිවරයාගේ පවා අප්‍රසාදයට ලක්ව තිබෙන වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍ය ධූරය බේරාගත්තේ කෙසේදැයි හෙළිදරව් වී තිබෙනවා.

අගමැතිවරයාගේ මැදිහත් වීම

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැදිහත්ව වන්නිආරච්චි මහත්මියගේ සෞඛ්‍ය අමාත්‍ය ධූරය රැකදුන් බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමට කන්දුන් ජනපතිවරයා සෞඛ්‍ය අමාත්‍ය ධූරය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉවත් නොකරන බවට සහතිකයක් දෙමින් වන්නිආරච්චි මහත්මිය අමතා සඳහන් කර තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදු කෙරෙන වැඩ කටයුතු වලට හොඳ ප්‍රචාරයක් ලැබෙන්නේ නැති බවයි.

ඒ අනුව වන්නිආරච්චි මහත්මිය වහා වහා මාධ්‍ය ප්‍රධානීන් කැඳවා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා.

ජනපතිවරයා ඇතුළු 29  දෙනකු නියෝජනය කරන කැබිනට් මණ්ඩලය තුළ සිටින එකම කාන්තාව පවිත්‍රා වන්නිආරච්චි මහත්මියයි.

Rate this item
(5 votes)
Last modified on Monday, 16 August 2021 08:37