May 07, 2024

විපක්ෂ නායක පියවරක් ඉදිරියට - තුන්වන එන්නතත් ගෙන්වන්න

රටේ පුරවැසියන්ට කොවිඩ් මර්දන තුන්වැනි එන්නතද ලබා දිය යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

තුන්වන එන්නත ඇනවුම් කරන්න

ඒ සඳහා අවශ්‍ය එන්නත් කල් නොගෙන වහාම ඇනවුම් කළ යුතු බවද විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

ඒ හැරුණු කොට මේ වන විටත් එන්නත් ලබා නොගෙන ඇති සියලු දෙනාටම එන්නත ලබාදීමට ක්‍රියා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරනවා.

ඇත්ත රටට කියන්න

ආණ්ඩුව මේ මොහොතේ රටේ පවත්නා ඇත්ත තත්ත්වය රටට හෙලිදරව් කළ යුතු අතර එසේ නොකොට අසත්‍ය හා මිත්‍යාව ජනතාව අතර පැතිර වීම නතර කරන ලෙසද විපක්ෂ නායකවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරන "විපක්ෂයෙන් හුස්මක්" සහ ජන සුවය ව්‍යාපෘතිය හරහා ලක්ෂ 640 ක රෝහල් උපකරණ ලබාදී ඇති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

වසංගත රෝගීන්ට සහනයක්

ඉන් කොවිඩ් ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය පහසුකම් සැපයීමට හැකිව තිබෙන බවයි විපක්ෂ නායකවරයාගේ මතය වන්නේ.

විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ තමා කලින් නියෝජනය කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ගැමුණුපුර ශ්‍රී විසුද්ධාරාම විහාරයේ මෙන්ම රණසිංහ ප්‍රේමදාස මූලික පිරිවෙනේ පරිවේණාධිපති පූජ්‍ය සාලියපුර සුදර්ශන නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතායි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 14 August 2021 00:44