May 05, 2024

යුද හමුදාපති සමඟ එජාපය පැටලේ: මුලින් ලේකම් දැන් සභාපති ඊළඟට?

එක්සත් ජාතික පක්ෂය මේ වන විට යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සමඟ පටලැවිල්ලක් ඇති කරගෙනයි සිටින්නේ.

ඒ යුද හමුදාපතිවරයා එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතාට දුන් පිළිතුරක් මුල් කොටගෙන.

මහ ලේකම් හා සභාපතිගේ ප්‍රතිචාර

ප්‍රථමයෙන් යුද හමුදාපතිවරයාට එරෙහිව එ.ජා.ප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රතිචාර දැක්වූ අතර ඉන් පසුව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාද ප්‍රතිචාර දැක්වූවා.

ඒ මාධ්‍ය හමු තබමින්.

එ.ජා.ප සභාපති සභාපතිවරයා සඳහන් කරන්නේ යුද හමුදාපතිවරයා යටතේ ඇති කාර්ය සාධන බලකායේ නීති විරෝධී බැවින් එය විසුරුවා දැමිය යුතු බවයි.

එමෙන්ම දැන් කෙනෙක් එන්නතක් ලබා ගත් ස්ථානයක් ප්‍රසිද්ධියට පත් කිරීමට කිසිවකුටත් සදාචාරාත්මක අයිතියක් නැති බවද සදහන් කරන අබේවර්ධන මහතා යුද හමුදාපතිවරයා මෙවැනි බාලාංශ තැනකට පත් වීම ගැන කණගාටුවන බවයි පෙන්වා දෙන්නේ.

මරණවලට හේතුව බලකායේ අසාර්ථකම

කොවිඩ් වසංගතයෙන් ජනතාව මිය යන්නේ යුද හමුදාපතිවරයා යටතේ තිබෙන කොවිඩ් මර්දන සාධන බලකායේ අසාර්ථක බව නිසා බවත් ඒ නිසා ඔහුගේ එය ඉවත් කොට එහි බලතල කැබිනට් මණ්ඩලයට පවරා ගත යුතු බව වික්‍රමසිංහ මහතා තුන් වතාවක්ම මේ වන විට ප්‍රකාශ කොට තිබෙනවා.

ඉන් දෙවතාවක්ම එම ප්‍රකාශය වික්‍රමසිංහ මහතා ප්‍රකාශය කළේ පාර්ලිමේන්තුවේදී.

ඊට ප්‍රතිචාර දක්වමින් යුද හමුදාපතිවරයා සඳහන් කර තිබුණේ එම සාධන බලකාය තිබෙන්නේ තමන් යටතේ නොව ජනපතිවරයා යටතේ බවයි.

රනිල් එන්නත විද්ද තැන

එතනින් නොනැවතුණු යුද හමුදාපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා කොවිඩ් එන්නත එවිට ගත්තේත් යුධ හමුදාවෙන් බවද එළිදරව් කලා.

එ.ජා.ප මහ ලේකම් හා සභාපති යුද හමුදාපතිවරයාට ප්‍රතිචාර දක්වන්නෙ එම ප්‍රකාශය මුල් කොටගෙන.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 11 August 2021 01:20